පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (06-09 ශ්‍රේණි)
- අත් කොට සුදු කමිසය සහ නිල් කොට කලිසම් විය යුතුය.
- තනි මැස්ම විය යුතුය.
- පාසල් ලාංඡනය කමිස සාක්කුවේ ඉහළ දකුණුපසින් විය යුතුය.
- අත වැලමිට ළගින් අංශක 90ට නැමූ විට අත් දාරය වැලමිටට අගල් 2ක් ඉහළින් තිබිය යුතුය.
- කමිසය සිරුරට සිර නොවන සේ තිබිය යුතුය.
- කලිසමේ යට වාටිය අගල් 11/2 පමණ විය යුතුය.
- කලිසම දණහිසට වඩා අගලක් පමණ ඉහළින් තිබිය යුතුය.
- කලිසමේ එක් පැත්තක රැලි 2ක් තිබිය යුතුය.
- පිටුපස සාක්කු 1ක් පමණක් විය යුතු අතර ඒ සදහා සාක්කු පියන් සවි නොකළ යුතුය.
- කලිසම ඇගට හිර නොවන සේ , ඉහළින් පහලට නොවැටෙන සේ විය යුතුය.
- පාසලට ගැළපෙන කලු සපත්තු හා කලු මේස් පැලදිය යුතුය.
- කොණ්ඩය කොටට කපා පැත්තට පීරා තිබිය යුතුය.
- ශිෂ්‍ය නායකයින් අත් දිග සුදු කම්සය සහ ටයි පටිය පැළදිය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

පිරිමි ළමුන් (10-13 ශ්‍රේණි)
- අත් කොට සුදු කමිසය හා සුදු අත් දිග කලිසම විය යුතුය.
- තනි මැස්ම විය යුතුය.
- පාසල් ලාංඡනය කමිස සාක්කුවේ ඉහළ දකුණුපසින් විය යුතුය.
- අත වැලමිට ළගින් අංශක 90ට නැමූ විට අත් දාරය වැලමිටට අගල් 2ක් ඉහළින් තිබිය යුතුය.
- කමිසය සිරුරට සිර නොවන සේ තිබිය යුතුය.
- දිග කලිසමේ යට වාටිය අගල් 15ක් විය යුතු අතර එතැන් සිට ඉහළ පහළට වැඩි විය යුතුය.
- කලිසමේ එක් පැත්තක රැලි 2ක් තිබිය යුතුය.
- පිටුපස සාක්කු 1ක් පමණක් විය යුතු අතර ඒ සදහා සාක්කු පියන් සවි නොකළ යුතුය.
- පාසලට ගැළපෙන කලු සපත්තු හා කලු මේස් පැලදිය යුතුය.
- කොණ්ඩය කොටට කපා පැත්තට පීරා තිබිය යුතුය.
- ශිෂ්‍ය නායකයින් අත් දිග සුදු කම්සය සහ ටයි පටිය පැළදිය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (6-13 ශ්‍රේණි)
- ගව්මේ උස දණ ගසා සිට ගත් විට යන්තමින් බිම සුපර්ෂ වන සේ තිබිය යුතුය.
- ගව්මේ වාටිය උස අගල් 2ක් පමණ විය යුතුය.
- ඉණ පටිය ගව්මේ පිටුපසට මසා ඉදිරිපසින් බොත්තම් දෙකක් හෝ හක් දෙකක් ඇමිණිය යුතුය.
- ගව්මේ ඉදිරිපස හා පිටුපස රැලි මැදින් පටන්ගෙන දෙපැත්තට රැලි දෙක බැගින් විය යුතුය.
- ටයි පටිය ඉණ පටියට වඩා අගලක් පහළට තිබිය යුතුය.
- ගවිමේ කොලරය බෙල්ලෙහි ප්‍රමාණයට වඩා වැඩි නොවිය යුතුය.
- කොණඩය කපා ඇත්නම් එය පැත්තට බෙදා පීරා තිබිය යුතු අතර , කොණ්ඩය අග කොළරයේ නොගෑවෙන සේ තිබිය යුතුය.
- කොණ්ඩය වඩා ඇත්නම් මැදින් බෙදා කොණ්ඩ කරල් 2ක් ලෙස ගොතා නලු රිබන් පටියකින් අග කොටස ගැට ගැසිය යුතුය.
- සුදු පාට මේස් හා සපත්තු පැළදිය යුතුය.
